මෙරට ඇතිව තිබෙන ජල ගැලීම් උවදුරු ස්වභාවික විපත් නොව, මිනිසා විසින්ම නිර්මාණය කර ගන්නා ලද විපත් බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ සඳහන් කරයි.
පසුගිය පාලන කාලවල දේශපාලන හිතවත්කම් මත සිදු කරන ලද අනවසර ඉදිකිරීම් මෙම ජලගැලීම් වැනි උවදුරුවලට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවට ඒ මහතා චෝදනා කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙම ව්‍යසනය ලංකාවට කැඳවාගෙන ඇත්තේ ඒ ආකාරයෙන් බවත්, එබැවින් මේ සම්බන්ධයෙන් දැන් පිළිතුරක් සෙවිය යුතු බවත් ය .
එසේම ඉදිරියේදී කිසිම අවස්ථාවක අනවසර ඉදිකිරීම් සඳහා අවසර නොදෙන බවදඔහු ප්‍රකාශ කළේය.
තවද, ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් කොළඹට කැඳවා විශේෂ සාකච්ඡාවක් සිදු කරන ලද බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.