ආණ්ඩුවේ අවශ්‍යතාවට වෙඩි පත්තු වෙනවා දැයි සැකයි..! – නාමල් රාජපක්ෂ…

October 26, 2025 at 9:59 am | by emanisa.lk

මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටියි.

මෙහිදී නාමල් රාජපක්ෂ විශේෂයෙන්ම නගරාධිපතිවරුන් හා නාගරික මන්ත්‍රීන්ට ද ප්‍රාදේශීය සභා සභාපතිවරු හා මන්ත්‍රීවරුන්ට ද ආරක්ෂාව ලබාදිය යුතු බව අවධාරණය කරයි.

පසුගියදා ඝාතනය වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පොලිස්පතිවරයාට තමාට ජීවිතාරක්ෂාවක් අවශ්‍ය බවට දන්වා සිටියත් අවශ්‍ය ආරක්ෂාව ලබානොදුන් බවත් එම ආරක්ෂාව ලබා දුන්නේ නම් ඔහු තවමත් ජීවතුන් අතර බවත් නාමල් රාජපක්ෂ පෙන්වා දෙයි.

තවද කෙනෙක් මිය ගියාට පසු ඔහුගේ අතීතක්‍රියාවන් ගැන පවසා එම ඝාතනය වසා ගැනීමට පොලිස් ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ සිදු කළ කතාව පිළිබඳව තමා ඉතා කණස්සල්ලට පත්වූ බවද නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

දවසේ වෙඩිල්ල නතර උණු බවට නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ප්‍රකාශ කළ ද ආණ්ඩුවේ අවශ්‍යතාවලට මෙම වෙඩි පත්තුවෙන බවට සැකයක් මතු වන බවද නාමල් රාජපක්ෂ වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *