ආණ්ඩුව රටේ සංවර්ධන කටයුතු සිදුකරනු වෙනුවට රට පාතාළ සංස්කෘතියක් වෙත යොමු කරමින් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
මේ නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට බියෙන් සැකෙන් තොරව මහජන දිනයක් පැවැත්වීමට ජනතාව අතරට යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවට ද විපක්ෂ නායකවරයා චෝදනා කරයි.
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මහජන දින පවත්වා පුරුද්දක් නොමැති බවත් ඔවුන් ජනතාව අතරට නොයන බවත් හෙතෙම සඳහන් කරයි.
ආණ්ඩුව ජනතාව රවටා රටට ලබා දුන් එකම දායාදය ම්ලේච්ඡත්වය බවත් වැලිගම සභාපතිවරයා ඉල්ලූ ජීවිතාරක්ෂාව නොදී මරා දමන තැනට පත්කළ ආණ්ඩුව ජනතා නියෝජිතයන්ගේ ජීවිත අනාරක්ෂිත කර ඇති බව ද සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
කොළඹ පැවති ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කීය.