ජනතාව පාරට බහින්නේ නැත්තේ රටේ ප්‍රශ්න නැති නිසයි…! – ඇමති සමන්ත විද්‍යාරත්න…

October 25, 2025 at 3:12 pm | by emanisa.lk

තමන් අවුරුද්දක් ආණ්ඩු කළ ද විපක්ෂයට ජනතාව පාරට ගෙන ඒමට නොහැකි වූ බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහනට එකතු වෙමින් ඇමති විද්‍යාරත්න මේ බව ප්‍රකාශ කළේ ඔවුන් විපක්ෂයේ සිටිය දී උමා ඔය වැනි සංවර්ධන ව්‍යාපෘතිවලට එරෙහිව ජනතාව පාරට බැස්ස වූ බවට මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

වර්තමාන විපක්ෂය පාරට මිනිස්සු ගෙන නො එන බවත් පාර්ලිමේන්තුවේ සහ සමාජ මාධ්‍යවල කෑ ගසන බවත් ඔහු සඳහන් කරයි.

රටේ විශාල ප්‍රශ්නයක් ඇත්නම් ජනතාව පාරට බසින නමුත් මේ අවස්ථාවේ එවැනි ප්‍රශ්නයක් නොමැති බවත් ඇමති සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරයි.

එහි දී මාධ්‍යවේදියා නැවත සඳහන් කළේ වර්තමාන ආණ්ඩුව තවමත් එවැනි කිසිදු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර නොමැති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *