පුත්තලම දංකොටුව බාලිකාව ඉදිරිපිට බස් නැවතුම්පොළ කැබිනට් අමාත්‍ය චන්දන අබේරත්න සහ නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි විසින් විවෘත කර තිබේ.
ලක්ෂ 7ක වියදමක් දරා ඉදිකළ බව පැවසෙන මෙම සුහුරු බස් නැවතුම්පොළ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරුන්ගේ වෙළෙඳ දැන්වීම් ද ප්‍රදර්ශනය කර තිබේ.
බස් නැවතුම්පොළක් විවෘත කිරීමට රටේ කැබිනට් ඇමතිවරයකු සහ නියෝජ්‍ය ඇමතිවරයකු ඉතිහාසයේ ප්‍රථම වතාවට සහභාගී වීමත් ඒ සඳහා රාජ්‍ය මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලබා දීමත් සමාජ මාධ්‍ය තුළ සංවාදයට ලක්ව තිබේ