මැරයන්ට පොලිස් ආරක්ෂාව දෙන්න බෑ… අපරාධකාරයෝ සභාපති වෙලා… වැලිගම අනාරක්ෂිත වුණේ ඒකයි…! – නි. ඇමති ටී.බී. සරත්….

October 25, 2025 at 10:36 am | by emanisa.lk

මෙරට සාමාන්‍ය ජනතාවට කිසිවෙකු වෙඩි නොතබන බැවින් මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් රටේ නොමැති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.

“මේ සාමාන්‍ය පුරවැසියන්ට වෙඩි තියනවාද රටේ ? නෑ නේද ? ඉතින් ආරක්ෂාව තියෙනවානෙ. රට තුළ විවිධ ප්‍රශ්න ගැටලු තියෙනවා පොඩි පොඩි. දැන් අපේ සහයෝගයක් නැහැනෙ කාටවත්, එතකොට දැන් මැර කණ්ඩායම් ඒගොල්ලො ඒගොල්ලො අතර ගැටුම් නිර්මාණය වෙලා.

ඉතින් අපට දැන් ප්‍රශ්නයක් තියෙනවා, දැන් මේ මැරයන්ට පොලිස් ආරක්ෂාව දෙන්න පුළුවන්ද ? ඔය සමහර නායකයො අද එක එක දේශපාලන පක්ෂවලින් මහජන මන්ත්‍රීවරු වුණාට ඒගොල්ලො IRCකාරයො.

අපරාධකාරයො සභාපතිවරු වෙලා. ජනතාව ඡන්දෙ දුන්නෙ නෑ සභාපතිවරු වෙන්න. එකතුවෙලා හදලා අනාරක්ෂිත තැනක් නිර්මාණය කරගත්තා ඒගොල්ලො.”

ටී. බී. සරත් මේ බව පැවසුවේ ඊයේ (24) වැලිකන්ද ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *