ජවිපෙ අපි මාලිමාවුන්ට වඩා උසස්… අපේ ඉහළ විනය මාලිමාවේ නෑ…! – ඇමති සමන්ත විද්‍යාරත්න..

October 24, 2025 at 3:31 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ විනය සම්ප්‍රදාය සහ සංස්කෘතිය ජාතික ජන බලවේගයෙන් බලාපොරොත්තු විය නොහැකි බව වතු සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

“ජනතා විමුක්ති පෙරමුණේ තියෙන විනය සම්ප්‍රදාය සංස්කෘතිය හැම තැනම තියෙන්න විදිහක් නෑ.. ජාතික ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණයි කියන්නේ දෙකක්.

ජනතා විමුක්ති පෙරමුණ මුල් වෙලා අපි මේකට තවත් බලවේග එකතු කළා. ඒ බලවේග එකතු කරලා තමයි ජාතික ජන බලවේගය කියලා ගොඩනැඟුණේ. නැත්නම් අපට ජනතා විමුක්ති පෙරමුණ කියලම නම තියා ගන්න තිබ්බනෙ.

මේකට විවිධ කණ්ඩායම් ආවා. එම කණ්ඩායම්වලට යම් ජවිපෙ සාධනීය ලක්ෂණ එකතු වුණා. හැබැයි අපේ කෙනෙක් වගේ කැපකිරීම් කරන්න එයාලට අමාරුයි. ඒ වුණාට එයාලගේ හැකියාවෙන් දැනුමින් විශාල කාර්යභාරයක් කරමින් ඉන්නවා.”

ඇමති සමන්ත විද්‍යාරත්න මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) ස්වර්ණවාහිනී රතු ඉර දේශපාලන සංවාදයට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *