පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ මුහුණ උදෑසන දුටුවත් බියක් දැනෙන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.
“සමහරු කියන්න යෙදුණා අපිව මරන්න යනවා කියලා. කවදාවත් නෑ. ඔබතුමා හොල්මනක් වෙලා නම් එන්න එපා. සැබෑ ජීවිතේ දැක්කත් බය හිතෙන මූණක් තියෙන්නේ. හොල්මනක් නම් වෙන්න එපා. නිකං උදේට දැක්කත් බය හිතෙනවා. අපි ඔබතුමා ආරක්ෂා කරනවා. බය වෙන්න එපා.”
ඇමති හර්ෂණ නානායක්කාර අද (23) පාර්ලිමේන්තුව අමතමින් මේ බව ප්‍රකාශ කළේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සිය ආරක්ෂාව ඉවත් කර ඇති බවට සහ තමන් ඝාතනය කළහොත් හොල්මනක් වී හෝ ඔහුගේ පස්සෙන් එන බවට චාමර සම්පත් දසනායක සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලෙසිනි.