මාලිමාණ්ඩුවේ වසරක ගමන් මග දෙස ආපසු හැරී බැලීමේ දී වෙහෙසකර වුව ද සතුටුදායක හැඟීමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.
විපක්ෂය චෝදනා කරන පරිදි ප්‍රාදේශීය සභාවක් පවා පාලනය කර නොමැති විදේශ සබඳතා නොමැති සිය කණ්ඩායමට විධායක ජනාධිපති ධුරය සහ පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා දීමට ජනතාව තැබූ විශ්වාසය ගැන තමන්ට සතුටු බව ද ඔහු සඳහන් කරයි.
ජනතාව සිය ආණ්ඩුවෙන් නව දේශපාලන සංස්කෘතියක් සහ ආර්ථික ස්ථාවරභාවය අපේක්ෂා කළ අතර මේ වන විටත් සිය ආණ්ඩුව දූෂණ විරෝධී පනත, හිටපු ජනාධිපති වරප්‍රසාද අහෝසි කරන පනත ගෙන ආ බව ද රුවන් මාපලගම ප්‍රකාශ කරයි.
නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම යටතේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නොමැති වීම, සියලු දෙනා තනතුරු ලබා නොගැනීම, ඥාති සංග්‍රහය නොමැති වීම, අමාත්‍යංශ සීමා කිරීම, ජනාධිපති වරප්‍රසාද අඩු කිරීම ආදිය සිදු වූ නිසා තමන් සතුටු වන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
රුවන් මාපලගම මේ බව ප්‍රකාශ කළේ සිරස සටන වැඩටහනට එකතු වෙමිනි.