නුවර එළියේ අයිස් නිෂ්පාදනාගරය තවම හොයනවා…. මිද්දෙණියේ කඳානේ ඉක්මනට හොයා ගත්තා…! – පොලිස් මාධ්‍ය ප්‍රකාශක…

October 22, 2025 at 7:12 pm | by emanisa.lk

නුවර එළිය අයිස් නිෂ්පාදනාගාරය පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසයි.

මිද්දෙණිය කඳාන නිවාස සොයා ගත හැකි වුව ද නුවරඑළිය අයිස් නිෂ්පාදනාගාරය පිළිබඳ තොරතුරු මෙතෙක් සොයාගත නොහැකි වූ බව ද ඔහු සඳහන්කරයි.

ඒ පිළිබඳ විමර්ශන තව දුරටත් සිදුවන බවත් ඒවා අවසන් වන තුරු මාධ්‍යයට තොරතුරු ලබා දිය නොහැකි බවත් සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් ප්‍රකාශ කරයි.

කෙසේ වුව ද මෙයට මාසයකට පමණ පෙර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අනාවරණය කර තිබුණේ නුවර එළියේ කුළී නිවසක අයිස් නිෂ්ෂාදනාගාරයක් පවත්වා ගෙන ගොස් ඇති අතර කෙහෙල්බද්දර පද්මේ ඒ සඳහා රු. මිලියන 04ක් පමණ වැයකර ඇති බවයි.

එම විමර්ශනවල දී එහි පාකිස්තානුවන් දෙදෙනෙකු අයිස් නිෂ්පාදනයෙහි නිරතව ඇති බවද ඒ සඳහා රසායන ද්‍රව්‍ය කිලෝ 2000ක් පමණ ආනයනය කර ඇති බව ද ප්‍රකාශ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *