තරුණ උගත් මල් පැල වල් වෙයි… චතුරංග-නජිත් මත්පැන් නිෂ්පාදනාගාර ඩීල් එකක…!

October 20, 2025 at 3:22 pm | by emanisa.lk

ව්‍යවසාය සහ කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සහ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පයාගල විවිධ සේවා සමූපකාර සමිතිය සතු මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් වෙනත් පාර්ශ්වයක් වෙත ලබා දීමේ සාකච්ඡාවක් සඳහා එකතු වී ඇතැයි සමගි ජන බලවේග ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරුණ රාජපක්ෂ පවසයි.

පසුගිය දිනක කොළඹ ජනාධිපති කාර්යාලය අසල කින්ග්ස්බරී හෝටලයේ දී අදාළ ගනුදෙනුකරුවන් සහ මෙම දෙදෙනා අතර හමුව සිදු වූ ඇති බව ද අදාළ ගනුදෙනුව සඳහා අවශ්‍ය කටයුතු කර දීමට ඔවුන් එකඟ වී ඇති බව ද ඔහු අනාවරණය කරයි.

කෝටි 600ක පමණ වන මෙවැනි සුවිශාල ගනුදෙනු පිටුපස අත යට හුවමාරු වන මුදල ද ඇදහිය නොහැකි තරම් විශාල බව ද වරුණ රාජපක්ෂ ප්‍රකාශ කරයි. කෙසේ වුවද සමූපකාර සමිති සඳහා ලබා දුන් මත්පැන් බලපත්‍ර අන්සතු කළ නොහැකි බවත් චතුරංග අබේසිංහලා එවැනි කාරණා පවා නොදන්න පිරිසක් බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

එසේම මල් පැලයයි කියමින් පාර්ලිමේන්තුවට ගෙන ආ තරුණ උගතුන්ගේ තරම මෙවැනි කුප්‍රකට ඩීල්වලින් මොනවාට තහවුරු වන බව ද ඔහු සඳහන් කළේ සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *