ඉන්ධන දීමනා දෙකක් ගන්න වුණේ ලියුම් ප්‍රමාද නිසයි….! – ඇමති අරුණ කරුණාතිලක….

October 19, 2025 at 6:29 pm | by emanisa.lk

අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවෙන් සහ අමාත්‍යංශයෙන් වැටුප් සහ ඉන්ධන දීමනා ලබානොගත යුතු බවට ප්‍රතිපත්තිමය තීන්දුවක රජය සිටින බව වරාය හා සිවිල් ගුවන් සේවා නව අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.

එහෙයින් අමාත්‍යංශවලින් ඉන්ධන දීමනාව පමණක් ද පාර්ලිමේන්තුවෙන් වැටුප පමණක් ද ලබා ගැනීමට තීරණය කළ බව ද ඔහු පෙන්වා දෙයි.

ඒ සඳහා ලියුම් යොමු කිරීමේ දී සිදුව ඇති ප්‍රමාද දෝෂයක් නිසා පුවත්පත් සහ සමාජ මාධ්‍යවල ඇතැම් ඇමතිවරුන් ඉන්ධන දීමනා දෙකක් ලබා ගෙන ඇති බව පළ වී ඇතැයි ද අමාත්‍ය අරුණ කරුණාතිලක සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *