පුවක්දණ්ඩාවේ සනා ප්‍රබල මාලිමාවෙක්… අත් අඩංගුවට ගත්තත් විශේෂ සැලකිලි…!

October 19, 2025 at 7:28 am | by emanisa.lk

මෑතකදී අත්අඩංගුවට ගන්නා ලද පුවක්දණ්ඩාවේ සනා නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ජාතික ජන බලවේගයේ ප්‍රබල ආධාරකරුවෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සඳහන් සඳහන් කරයි.

ජනාධිපතිවරයා ඔහුගේ නිවසෙන් ආහාර ගත්තේ යැයි විමල් වීරවංශ පවසන කාරණාය සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා නමුත් පුවක්දණ්ඩාවේ සනා ජාතික ජන බලවේග ප්‍රබල ආධාරකරුවෙක් ක්‍රියාකරුවෙක් බව එම ප‍්‍රදේශයේ මන්ත‍්‍රීවරයෙකු ලෙස තමනට සනාථ කළ හැකි සාක්ෂි ඇති බවත් හෙතෙම කියා සිටියේය.

එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද පුවක්දණ්ඩාවේ සනා එදිනම රක්ෂිත බන්ධනාගාරගත කරන ලද පැවසූ ඔහු මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද වෙනත් පුද්ගලයන් රැඳවුම් නියෝග ලබාගෙන දීර්ඝව ප්‍රශ්න කරමින් සිටින බව ද කියා සිටියේය.

රූපවාහිනී නාලිකාවක පැවැති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *