පොලිස් රාජකාරි හොඳටම කරන්න සූදානම්… බැටන්පොලු 3000ක් රටින් ගෙන්වයි…!

October 19, 2025 at 10:25 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය කරන බැටන්පොලු (රබර්) තුන්දාහක පමණ ප්‍රමාණයක් පිටරටින් ගෙන්වා ගැනීම සඳහා සූදානම් වෙයි.

ඒ සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි පොලිස් සැපැයුම් අංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

පොලිස් රාජකාරී සඳහා වසර කිහිපයකින් මෙම බැටන් පොලු ආනයනය කර නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *