ගුරුවරුන්ට හානිකර නීති මේ ආණ්ඩුව යටතේ ගේන්න ඉඩදෙන්නේ නෑ…! – නි. අමාත්‍ය මහින්ද ජයසිංහ….

October 17, 2025 at 7:17 pm | by emanisa.lk

දණ්ඩ නීති සංග්‍රහයට එකතු කිරීමට සැලසුම් කර ඇති සංශෝධන පිළිබඳ පසුගිය සමයේ විශාල ආන්දෝලනයක් ඇති වූ බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

මේ රටේ ගුරු විදුහල්පතිවරුන්ට අගතියක් වන කිසිදු දෙයක් වර්තමාන ආණ්ඩුව යටතේ සිදුනොවන බව ඔහු අවධාරණය කරයි.

දරුවන් ශික්ෂණය කිරීම සිය අරමුණ බවත් එහෙයින් කිසිවෙකු කලබල විය යුතු නැති බවත් මහින්ද ජයසිංහ සඳහන් කරයි.

එම පනත මෙතෙක් සම්මත වී නොමැති බවත් අවශ්‍ය නම් සංශෝධන සහිතව සම්මත කිරීමට හෝ සම්මත නොකර සිටීමට ද සිය ආණ්ඩුවට හැකියාව ඇති බව ද ඔහු ප්‍රකාශ කරයි. පිරිසක් හඳට බුරන්නා සේ වැරදි මත ජනගත කරමින් සිටිය ද ආණ්ඩුව සිය ගමන යන බව ද නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ වැඩි දුරටත් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (17) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ජාතික ගුරු සමුළුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *