ප්‍රබල පාතාළ කල්ලි නායකයෙකු වූ ගණේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස අත් අඩංගුවට ගත්තේ නේපාල පොලිස් මූලස්ථානයට අනුබද්ධිත ඉන්ටර්පෝල් පොලිස් කණ්ඩායමක් බව නේපාලයේ මාධ්‍ය වාර්තා කරයි.
එරට The Kathmandu Post වෙබ් අඩවිය අදාළ ප්‍රවෘත්තිය පළ කරමින් සඳහන් කරන්නේ නීති කටයුතු සඳහා මෙම සැකකරුවන් පිරිස නේපාල පොලිසියේ සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකාවට භාර දීමට කටයුතු කළ බවයි.
මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකාවෙන් ගිය කිසිදු පොලිස් නිලධාරියෙකු එකතු වූ බවක් එම මාධ්‍ය වාර්තාවල නොමැති අතර ඒ සමග පළකර ඇති ඡායාරූපවල ද කිසිදු ලාංකික පොලිස් නිලධාරියෙකු දක්නට නොමැත.