දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සඳහා තොරතුරු ලබාදුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ හේමාල් ප්‍රශාන්තට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.
ඔහු පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ වැඩ බලන අණදෙන නිලධාරියා ලෙස ස්ථානමාරු කර ඇති බව වාර්තා වෙයි. වසර 31 පමණ සේවාකාලය තුළ ඔහුට කිසිදු දූෂණ චෝදනාවක් ද එල්ලවී නොමැති බව පොලිස් ආරාංචි මාර්ග පවසයි.
ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස වසර දෙකකට ආසන්න කාලයක් රාජකාරී කටයුතු සිදුකළ අතර අදාළ මාරුකිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත. ඔහුගේ නිල කාල සීමාව තුළදී මත්ද්‍රව්‍ය ටොන් දෙකකට ආසන්න ප්‍රමාණයක් පොලිස් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ විසින් සිය භාරයට ගැනීම විශේෂත්වයකි.
මහ පරිමාණයෙන් මත්ද්‍රව්‍යය මෙරටට ගෙන ඒම වැළැක්වීමේ අරමුණින්,”ක්ලීන් ශ්‍රි ලංකා” වැඩසටහනට සමගාමීව ධීවර බෝට්ටු අයිතිකරුවන්, ස්කීපර්වරුන් ඇතුළු ධීරයන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබුවේ ද හේමාල් ප්‍රශාන්ත විසිනි.
ඒ හේතුවෙන් දකුණේ බෝට්ටු ස්කිපර්වරුන් විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ගොඩබිමට ගෙන ඒමේ කටයුතුවලින් ඈත්ව ඇති බවද වාර්තා වෙයි. එමෙන්ම ඔහු ලබා දුන් තොරතුරු මත නාවික හමුදාව ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබූ තවත් බෝට්ටු කිහිපයක් ඉදිරියේදී ගොඩබිමට ගෙන ඒමට නියමිත බව වාර්තා වෙයි.
ඔහුගේ තොරතුරුමත කරන නාවික හමුදාව කරන ලද වැටලීම හේතුවෙන් දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් පාර්සල් 51ක් තුළ තිබී සොයගත් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 839කි. මෙම මෙහෙයුම පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය හා ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සිය සෘජු අධික්ෂණය යටතේ සිදුකළ වැටලීමකි.