ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පොලිස් නිලධාරියෙකු සහ නීතීඥවරයෙකු අතර ගැටුම්කාරී සිද්ධියක් ඇතිවූ අවස්ථාවේ අදාළ නීතිඥවරයා සහ පොලිස්පතිවරයා අතර කිසිදු දුරකතන සංවාදයක් සිදුව නොමැති බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අධිකරණ භූමිය තුළ නීතිඥවරයාගේ වාහනය සහ බන්ධනාගාර බස් රථයක් නතර කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසුගිය 10 වනදා මෙම ගැටුම සිදුවිය.
ඊට අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.