පසුගියදා ගල්කිස්ස උසාවි පරිශ්‍රයේ සිදු වූ ගැටුම්කාරි තත්ත්වය අතරතුර ඊට මැදි වූ නීතීඥයා හැසිරුණු ආකාරය ඉතා ම අශෝභන බවත් එය අධිකරණයට සිදුකළ අපහාසයක් බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
ඒ සම්බන්ධව අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ පොලිස් නිලධාරියා වෙනුවෙන් පොලිසිය සහ සිය අමාත්‍යංශය පෙනී සිටින බවත් හෙතෙම අවධාරණය කරයි.
සිය ආණ්ඩුව යටතේ පොලිසියට දේශපාලන බලපෑම්වලින් තොරව නිදහසේ සිය රාජකාරී ඉටුකිරීමට අවස්ථාව සැලසී ඇති බව ද අදාළ නීතීඥවරයාට එරෙහිව ඉදිරියේ දී පියවර ගන්නා බවත් ඇමති ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
නීතීඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස උසාවියේ ආරක්ෂක රාජකාරී කළ පොලිස් නිලධාරියෙකුට පරුෂ වචනයෙන් බැණ වැදෙමින් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.