ගල්කිස්ස උසාවියේ රාජකාරී කළ පොලිස් නිලධාරියා පහර දුන් බවට නීතීඥයකු සිදුකළ පැමිණිල්ලක් අනුව අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කොට ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම නීතීඥයා සමග පැමිණි තවත් ජ්‍යේෂ්ඨ නීතීඥයකු අදාළ පොලිස් නිලධාරියාට බැණ වැදී සාපරාධී ලෙස රාජකාරියට බාධා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසිය විර්ශනයක් ආරම්භ කර ඇති බව ද නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය ප්‍රකාශ කරයි.
ඊට අදාළ වීඩියෝ දර්ශන සහ එම ස්ථානයේ සිටි කිහිප දෙනෙකුගෙන් ලබා ගත් සාක්ෂි ද අදාළ විමර්ශනය සඳහා යොමු කර ඇත.