යම්හෙයකින් රජය විදුලි බිල වැඩි කළහොත් පාරට බැස ඊට එරෙහිව කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විදුලි බිල වැඩි කිරිම තුළින් ගෘහයේ, ආර්ථිකයේ පීඩා විඳින්නේ මව්වරු සහ කාන්තාවන් බවත් දුක් ගින්නෙන් බඩගින්නෙන් පීඩනයෙන් අසහනයෙන් තැලී පොඩි වී සදාකාලික අනාථභාවයට ලක් කරන රජයේ මේ දුර්දාන්ත ප්‍රතිපත්ති පරාජය කරන්නට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකයා සඳහන් කරයි. එහෙයින් ලක්ෂ 220ක් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න පෙරට එන බව ප්‍රේමදාස ප්‍රකාශ කළේය.
ඔහු මේ බව කියා සිටියේ අද (11) සමගි ජන බලවේග ප්‍රධාන පක්ෂ කාර්යාලයේ දී ශ්‍රීමත් මහාමානය ඩී. එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකයා පැවසුවේ පළාත් සභා මැතිවරණය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවයි.