ඉතිහාසයේ ගොබ්බම විදේශ ඇමති විජිත… හරිනිත් හරි යන්නේ නෑ…ඇමති කුට්ටම අනන්න කාලේ හරි…! – උවිඳු කුරුකුලසූරිය…

October 9, 2025 at 6:14 pm | by emanisa.lk

කුට්ටම අනන්න කාලෙ හරි

දැන් අවුරුද්දක් ආණ්ඩු කරනවනෙ. මගේ නම් අදහස හරිනිගෙන් අධ්‍යාපනය ගලවලව කාටහරි දීල​, එයාට අගමැතිකම විතරක් දෙන්න කියන එක​, කිසිම ඇමතිකමක් නැතුව​.

හරිනි අධ්‍යාපනය බාරව ඉන්නවට ගොඩක් මම දන්න අය කැමති නැහැ. අන්තිම​​ ගොබ්බම විදේශ ඇමති මම දැක්ක විජිත හේරත්. තව ගොඩක් අනන්න වෙයි මට හිතෙන විදියට​. ඇමතිකම් 25ක් කිව්වට ඊට අඩුවෙන්නෙ අනුර දැම්මෙ.

අර කෝප් එකේ ලොක්ක දොස්තර මහත්මය මරු. තව ගොඩක් අයව මම දැක්ක නියමට, ප්‍රතිපත්ති අනුව වැඩ කරන​. 159යම මම දන්නෙ නැහැ. පුද්ගලිකව​ මම දන්නෙ දහයක් විතර​. ඒත් මම කියන්නෙ කුට්ටම් අනල දක්‍ෂ අයව ලෝකෙට හඳුන්වල දෙන්න කියල​.

ජාතික ඒකාග්‍රතාව කියන ඇමතිකම හර්ෂනගෙන් ගලවල බිමල්ට දෙන්න බලන්න​. බිමල්ට තමා ගොඩක් ජාතීන්, සහ ආන්තිකකරණයට ලක්වෙලා ඉන්න අය කැමති.

ගොඩාක් දක්‍ෂ ජාතික ජන බලවේගයේ ඇමතිල මන්ත්‍රීල ඉන්නව​. ඒත් ඔය මාධ්‍යය ගේන්නෙ ගොබ්බම ගොබ්බ සෙට් එකක්. ඒ නිසා ඒ දක්ෂ අය කියන දේ ජනයා අතරට යන්නෙ නැහැ. දැන්වත් කුට්ටම අනන්න බලන්න. නැත්තං කෙලවෙනවා!!

උවිඳු කුරුකුලසූරිය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *