ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත වෙළඳ සමුළුකට සහභාගී වීමට නියමිතව සිටි ශ්‍රී ලාංකික නියෝජිත පිරිසට ඇතුළත් වූ වෙළෙඳ අමාත්‍යංශ මහජන සම්බන්ධතා නිලධාරීනි නිමෝධි වික්‍රමසිංහගේ නම හදිසියේම ඉවත් කර ඇති බව වාර්තා වේ. මෙම තනතුර රජයේ තනතුරක් නොවන අතර ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරකි.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඊයේ (08) අදාළ නම් ලැයිස්තුවෙන් ඇගේ නම සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ නම් ඉවත් කර තිබේ.
වෙළෙඳ, වාණිජ, සමුපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් අනුමැතිය සඳහා නියෝජිත පිරිසේ නාම ලේඛනය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා තිබිණි.
කෙසේ වෙතත්, පසුගියදා චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී මෙකී මහජන සම්බන්ධතා නිලධාරිනිය මෙම ගමනට සහභාගී වන්නේ කුමන පදනමක් මත දැයි ප්‍රශ්න කිරීමත් සමග එය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී සමාජ මාධ්‍යවල ලැව් ගින්නක් සේ පැතිර ගියේය. ඒ සමග අදාළ නිලධාරිණියගේ නම හදිසියේම යෝජිත නාම ලේඛනයෙන් ඉවත් කර ඇති බව දැනගන්නට තිබේ.