සජිත් නිවාස ඇමති විදිහට ගෙවල් හැදුවා විතරයි… ව්‍යාපාරිකයන්ට කිසි දෙයක් කරලා නෑ…! – නි. ඇමති චතුරංග අබේසිංහ…

October 8, 2025 at 7:57 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස 2015 සිට 2019 දක්වා ප්‍රබල අමාත්‍යංශයක් භාරව කටයුතු කළ ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් කිසිවක් කර නොමැති බවට කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ චෝදනා කරයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් ණය ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් බැංකුවලට නොමැති බව ද ණය ලබා දෙන්නේ ඇප තබා ගෙන බව ද ඔහු ප්‍රකාශ කරයි.

සිය ආණ්ඩුව යටතේ කර්මාන්තකරුවන් සද්භාවයෙන් සිය ණය ප්‍රතිව්‍යුහගතකර ගෙන ඇති බව ද චතුරංග අබේසිංහ සඳහන් කරයි.

අද (08) පාර්ලිමේන්තුව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *