පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් සහ උසස්වීම් සම්බන්ධයෙන් වන බලතල නැවත පොලිස්පතිවරයා වෙත පැවරීමට අදාළව නව ගැසට් නිවේදනයක් ඉක්මනින්ම නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.
දැනට ලැබෙන තොරතුරු අනුව මෙම නිල නිවේදනය ඉදිරි සතිය තුළ දී ප්‍රකාශයට පත් වීමට ඉඩ ඇත.
මේ දක්වා කාලය පුරාවටම පොලිස් නිලධාරීන්ගේ මාරු කිරීම් සහ උසස්වීම්වල බලය හිමිව තිබුණේ ජාතික පොලිස් කොමිෂන් සභාවටය. නව ගැසට් පත්‍රය නිකුත් වීමත් සමඟ එම බලතල සම්පූර්ණයෙන්ම පොලිස්පතිවරයාට හිමි වනු ඇත.
2015 වසරේ 19 වෙනි සංශෝධනය යටතේ මෙම කොමිසම් සභා හඳුන්වා දීමට ජාතික ජන බලවේගය විශාල කාර්යභාරයක් කළේය.