නීති විරෝධී මත්ද්‍රව්‍ය කුඩු පාතාලය ඇතුළු සමාජ ව්‍යවසනයන් නතර කිරීම සඳහා අදාළ පියවර මේ වන විට ගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සඳහන් කරයි.
මෙරට සමස්ත අපනයන ධාරිතාව ද ඉහළ ගොස් ඇති බවත් ආර්ථිකමය වශයෙන් සැලකිය යුතු වර්ධනයක් කරා රට පැමිණ ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.
අද වන විට දවසේ වෙඩිල්ල නැති නැති වී ගොස් ඇති බවත් හොඳ ආණ්ඩුව හොඳ වෙඩිල්ලක් තබා අනිත් සියලු වෙඩි ටික නිවා දමා ඇති බවත් හෙතෙම පවසයි.
ජනතාව සිය ජන වරමෙන් ප්‍රාර්ථනා කරන ලද දේවල් ඒ බරින්ම ඉටු කිරීමට කැපවී සිටින බවත් ඇමති සුනිල් වටගල තව දුරටත් කියා සිටියේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.