හිටපු ජනපති මහින්දගේ වෙඩි නොවදින රථයත් භාරදෙයි… ප්‍රධාන ආරක්ෂක නිලධාරියත් අත් අඩංගුවේ…!

October 4, 2025 at 10:31 am | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබාදී තිබුණු වෙඩි නොවදින මෝටර් රථය ද ඊයේ (03) යළි රජයට භාරදුන් බව ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ මනෝජ් ගමගේ පවසයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් 2015 වසරේදී මෙම වෙඩි නොවදින මෝටර් රථය සහ තවත් ජීප් රථයක් ලබාදී තිබුණු අතර අනෙක් ජීප් රථය ද භාරදීම සඳහා තංගල්ලේ සිට කොළඹට රැගෙනවිත් ඇත.

මෙම වාහන දෙකම භාරදුන් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන්ට ගමන් කිරීමට පවා වාහනයක් පවා නොමැති වන අතර වෙඩි නොවදින වාහනයක් නොමැති වීමෙන් ඒ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ගැටලුවක් මතුවන බවත් සඳහන් වෙයි.

මේ අතර ඊයේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී මේජර් නෙවිල් වන්නි ආරච්චි ද අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *