මාලිමාණ්ඩුව ලොවම දිනා දවස ගානේ ශක්තිමත් වෙනවා… විපක්ෂේ නන්නත්තාර වෙනවා…! – එස්.බී. දිසානායක…

October 3, 2025 at 2:12 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව ඉතාම හොඳින් ලෝකය දිනාගෙන යමින් ඇතැයි හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

ජපානය, චීනය, වියට්නාමය වැනි රටවල් ලංකාවට උදව් කරනු ඇති බවට ද හිටපු ඇමතිවරයා විශ්වාසය පළ කරයි.

චීන කොමියුනිස්ට් ආණ්ඩුව කළ ආකාරයටම ආයෝජකයන් අතර විශ්වාසය තහවුරු කර නොපමාව අයෝජකයන් රටට කැඳවාගත යුතු බව ද ඔහු අවධාරණය කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් එස්.බී. දිසානායක වැඩි දුරටත් සඳහන් කළේ ආණ්ඩුව දවසින් දවස ශක්තිමත් වෙමින් ඉදිරියට යන අතර විපක්ෂය එන්න එන්නම දුර්වල වන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *