සිය අතීතයේ පැවති යම් යම් දේ අල්ලා ගෙන නන්දන ගුණතිලක උත්සාහ කරන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවේ කටයුතු අඩපණ කිරීමට බව එහි සභාපති රංග දිසානායක පවසයි.
මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ රංග දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ කටයුතු කළ ජවිපෙ සාමාජිකයකු හෙයින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවේ තනතුරු දැරීමට නොහැකි බවට සිදුකළ විවේචනයකට පිළිතුරු දෙමිනි.
“මෙච්චර කල් කොහේ හරි තිබ්බ එකක් හොයා ගෙන, අතීතයේ තිබිච්චි මොනවා හරි හොයා ගෙන ඒවා කියනවා. නන්දන ගුණතිලක කියන්න හදන්නේ මම JVP එකට සම්බන්ධ වෙලා හිටි නිසා ඔවුන්ගේ විමර්ශන කරන්නේ නෑ කියලා.
හැමෝම අහනවා, හැමෝම අහනවා එයාලට විරුද්ධව නඩු දානවාද වන්දි ඉල්ලනවාද කියලා. දැන් එතකොට මොකද වෙන්නේ. මේ ආයතනයේ මූලික අරමුණින් අපි බැහැර වෙනවා. අපි ඒවා නොකර මේගොල්ලාගේ පස්සේ යන්න පටන් ගන්නවා.”