පොලිස් මත්ද්‍රව්‍ය දිශාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඕ. හේවාවිතාරණ වහාම ක්‍රියාත්මක වන පරිදි කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරය සඳහා මාරු කර යවා තිබේ.
ඒ සමග තවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 13 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇත.
ආණ්ඩුවේ ප්‍රබල හිතවතෙකු බව කියන සනත් වීරසිංහ හෙවත් පුවක්දණ්ඩාවේ සනා විසින් රැගෙන ආ අයිස් කිලෝ 700කට අධික ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනීම සහ අනතුරුව එම පුද්ගලයා ද අත් අඩංගුවට ගන්නා පසුබිමක සිදු වූ මෙම මාරු කිරීම ඇතැම් පාර්ශ්ව සමාජ මාධ්‍ය තුළ විවේචනය කරමින් ඇත.