විපක්ෂේ බොරු බිල්ලෝ මවනවා… තවම පනත සම්මත කළේ නෑ… දෙගුරුන් බිය විය යුතු නෑ….! – ඇමති නලින්ද ජයතිස්ස….

October 1, 2025 at 7:37 pm | by emanisa.lk

ළමා ආරක්ෂණ පනත් කෙටුම්පත තවමත් ඇත්තේ පාර්ලිමේන්තුවේ විවාද කරන අවස්ථාවේ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

එය සම්මත කරගන්නේ පාර්ලිමේන්තුවේ විවාද කොට කාරක සභා අවස්ථාවේ ලබා දෙන සංශෝධන ද සහිතව බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

එහෙයින් මෙතෙක් සම්මත නොවූ එම කෙටුම්පත පිළිබඳ පිළිබඳ වැලේ වැල් නැති විපක්ෂය අනියත බියක් නිර්මාණය කිරීමට උත්සාහ කළ ද ගුරුවරුන් සහ දෙමාපියන් ඊට හසුවිය යුතු නැති බව ද ඇමතිවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *