පනත එන්නත් කලින් වැඩ පෙන්නයි…. සිසුවාගෙන් ගුටි කෑ ගුරුවරයා රෝහලට…!

October 1, 2025 at 3:59 pm | by emanisa.lk

මොනරාගල ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් සිදුකළ පහරදීමකින් ගුරුවරුයෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද (01) උදෑසන මෙම පහරදීම සිදුව ඇති අතර, තුවාල ලැබූ ගුරුවරුයා මේ වන විට මොනරාගල මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ජංගම දුරකතනයක් පාසලට රැගෙන ඒම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම හේතුවෙන් අදාළ සිසුවා ගුරුවරයාට පහරදී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *