සංචාරකයින් මිලියන 3 ක් මෙම වසරේ දී මෙරටට ගෙන්වා ගන්න බලාපොරොත්තුවන බව ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් සඳහන් කරයි.
එලෙස සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා සදාචාරමත් නොවන ක්‍රියා සිදුනොකරන බවත් තමන් විසින් පෞද්ගලික ආයතනයක් වෙත ලිපියක් නිකුත් කළේ මෙරට සියලු දෙනාට සිය අසමානතා නොසලකා සුරක්ෂිතව සංචාරය කළ හැකි බව තහවුරු කිරීමට බවත් ඔහු පෙන්වා දෙයි.
එම ලිපිය මගින් සමලිංගික ප්‍රජාව සඳහා කිසිදු බියකින් තොරව මෙරට සංචාරය කළ හැකි බව තහවුරු කිරීම මිස සමලිංගික ප්රවර්ධනයක් අදහස් නොකළ බව ද බුද්ධික හේවාවසම් වැඩි දුරටත් පවසයි.
සංචාරක සංවර්ධන අධිකාරිය විසින් රාජ්‍ය නොවන සංවිධානයක් සඳහා LGBTQ සංවාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා ලිපියක් නිකුත් කිරීම පිළිබඳ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කීය.