පන්සලේ පිං කැටේ පඬුරුවලටත් බදු ගෙවන රටේ ඇමතිලා යාළුවෝ දුන්නා කියලා බදු වංචා කරනවා…! – කොළඹ තරුණ බෞද්ධ සභාපති…

September 29, 2025 at 3:50 pm | by emanisa.lk

යහළුවන්ගෙන් මුදල් ලැබුණා යැයි මැති ඇමතිලාට බදු නොගෙවා සිටිය නොහැකි බව කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තරුණ බෞද්ධ සංගමය ලෙස ලැබෙන ආධාර සඳහා තමන් ද බදු ගෙවන අතර පන්සලේ පිං කැටයට වැටෙන පඬුරු සඳහා පන්සල ද බදු ගෙවන බවයි.

සිය නියමිත බදු මුදලට මදක් අඩුවෙන් බදු ගෙවීම නිසා එංගලන්තයේ උප අගමැතිවරිය පසුගියදා ඉල්ලා අස්වුව ද ලංකාවේ ඇතැමුන් බදු නොගෙවා සිටීම අයිතියක් ලෙස සලකන බව ද මහේන්ද්‍ර ජයසේකර පෙන්වා දෙයි.

පාලකයන් මෙය ජනතාවගේ නොව තමන්ගේ රට යැයි සිතා කටයුතු කරමින් ඇතැයි ද විදෙස් රටවල් සමග රටට අවාසිදායක ගිවිසුම් අත්සන් කර ජනතාවට ඉදිරිපත් නොකර සිටින්නේ එහෙයින් බව ද ඔහු වැඩි දුරටත් පවසයි.

උත්සව අවස්ථාවක් අමතමින් මහේන්ද්‍ර ජයසේකර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *