කේ.පී. ගෙනාවා වගේ අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න බෑ… වරද සිංගප්පූරු නීතියේ…! – ඇමති ආනන්ද විජේපාල….

September 29, 2025 at 9:32 am | by emanisa.lk

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත් අඩංගුවට ගැනීමේ උත්සාහය අතහැර දමා නැති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල සඳහන් කරයි.

ඔහු මේ වන විට සිංගප්පූරු ජාතිකයෙකු ලෙස නම ද වෙනස් කරගෙන එහි ජීවත්වන බවත් අත්අඩංගුවට ගැනීමට ඒ රටේ නීති රීති බාධාවක් වී ඇති බවත් ඇමතිවරයා අනාවරණය කරයි.

කෙසේ වෙතත් හිටපු මහ බැංකු අධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට උපාය උපක්‍රම භාවිත කරමින් සිටින බව ද ඔහු පවසයි. මේ වන විටත් ඔහු ශ්‍රී ලංකාවට අවශ්‍ය පුද්ගලයෙකු බව සිංගප්පූරුවට දැනුම් දී ඇති බව ද ඇවති ආනන්ද විජේපාල සඳහන් කරයි.

ජනාධිපතිවරණයට පෙර වර්තමාන ජනාධිපතිවරයාගෙන් අර්ජුන් මහේන්ද්‍රන් අත් අඩංගුවට ගන්නේ කෙසේ දැයි විමසූ විට ඔහු ක්ෂණික පිළිතුරු දුන්නේ පහුගිය ආණ්ඩුව හිටපු කොටි නායකයකු වන කේ.පී. අත් අඩංගුවට ගෙන ලංකාවට රැගෙන ආ ආකාරයටම කටයුතු කරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *