මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් පුනරුත්ථාපනය සඳහා සෑම දිස්ත්‍රික්කයකම මධ්‍යස්ථානයක් පිහිටුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
සති දෙකක් ඇතුළත මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ද ඔහු අවධාරණය කරයි.
ඊට සමගාමීව සංවිධානාත්මක අපරාධ මර්දනයට කටයුතු කරන බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.
පසුගිය ආණ්ඩු මත්ද්‍රව්‍ය පාලනය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ ද යන සැකය මතුවන බව ද ආනන්ද විජේපාල ඇමතිවරයා පෙන්වා දෙයි.