වංචාකාරයන්ට පාන් තියරි දාලා නම් බේරෙන්න බෑ… අල්ලස් සභාපතිගෙන් ලොකු ලොක්කන්ට රතු එළි…

September 28, 2025 at 11:36 am | by emanisa.lk

තම ආයතනයට ලැබෙන පැමිණිලි සහ සිදුකරන ලද පරීක්ෂණ අනුව ආර්ථිකය කෙරෙහි දැඩි ලෙස බලපාන මෙරට දූෂිතම ආයතන වන්නේ රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ පළාත් ආදායම් දෙපාර්තමේන්තු, සුරාබදු දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, මෝටර්රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලය යන ආයතන පහ බව අල්ලස් කොමිසමේ සභාපති නීල් ඉද්දවල පවසයි.

එහෙත් ජනතාව ලංකාවේ දූෂිතම ආයතන යැයි විශ්වාස කරන්නේ පොලිසිය, දේශපාලනඥයන් බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

මෙවැනි ආයතනවල සිදුකරන දූෂණවල ආර්ථික බලපෑම ඉතා ඉහළ බවත් එම ආයතනයක සිදු කරන එක දූෂණයක ආර්ථික බලපෑම සමස්ත පොලිසියම සිදුකරන දූෂණවලට වඩා විශාල බවත් නීල් ඉද්දවල සඳහන් කරයි.

එහි දී අල්ලස් කැමැත්තෙන් දුන් සහ කැමැත්තෙන් ගත් පමණින් එය කිසිවෙකුට ප්‍රශ්නයක් විය යුතු නැතැයි කියමින් පාන් තියරිය අනුගමනය කළ නොහැකි බව ද අල්ලස් කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *