බී ලූනු වගාවට ලංකාවේ පිරිවැය වැඩි බවත් පිටරටින් ඊට වඩා අඩු මිලකට බී ලූනු ගෙන ආ හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
එහෙයින් පිටරටින් බී ලූනු ගෙන ඒම පාරිභෝගිකයාට වාසිදායක බව ද ඔහු පෙන්වා දෙයි. දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා මේ වන විටත් බී ලූනු කිලෝවක් සඳහා රු. 50ක බද්දක් පනවා ඇති බව ද ඇමතිවරයා සඳහන් කරයි.
ගම දක්වා සක්‍රීය ක්‍රියාත්මක වන සමූපකාර ක්‍රමයෙක් නොමැතිව ගොවියාගේ මෙම ගැටලුව සඳහා විසඳුමක් රජයට නොමැති බව ද ඇමති ලාල්කාන්ත පෙන්වා දෙයි.
කොළඹ පැවති වැඩමුළුවක් අමතමින් ඇමතිවරයා මේ බව කීය.