සත්ව සංගණනයෙන් ලබා ගත් තොරතුරු 50%ක්ම ඇත්ත…! – නි. ඇමති නාමල් කරුණාරත්න…

September 27, 2025 at 11:30 am | by emanisa.lk

පසුගිය මාර්තු මස පැවති සත්ත්ව සංගණනය රුපියල් ලක්ෂ 39ක් වැනි අඩු මුදලකින් සිදු කිරීම රටට මුදල් ඉතිරි කිරීමක් බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න පවසයි.

සත්ත්ව සංගණනයේ සමස්ත මෙම වියදම රුපියල් කෝටි 7ක් බවට ඇතැම් පිරිස් අසත්‍ය ප්‍රචාරයන් ගෙන ගිය බව ද නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරයි. එසේම ජනතාව රිලවුන් සහ වඳුරන් පිළිබඳ ලබා දුන් තොරතුරුවල 50%ක සත්‍යතාවක් පවතින බව තහවුරු වී ඇති බව ද නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *