රාජපක්ෂලගෙන් පළිගන්න මත්තල ගුවන්තොටේ පියස්ස පවා වෙනස් කළා…! – ජගත් මනුවර්ණ…

September 27, 2025 at 10:58 am | by emanisa.lk

මත්තල ගුවන්තොටුපළ මගී පර්යන්තයේ පියස්සේ හැඩය ආණ්ඩු මාරුවත් සමග වෙනස් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසයි.

2012 නෙළුම් පෙත්තක හැඩයට සැලසුම් කළ එය 2015 ආණ්ඩු මාරුවත් සමග එය අරලිය පත්‍රයක හැඩයට සැලසුම් කළ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

2015 ආණ්ඩුව මෙම වෙනස් කිරීම සිදුකර ඇත්තේ නෙළුම් කුලුන, නෙළුම් පොකුණ සෑදු නෙළුම් අමාරුවෙන් පෙළුණු පෙර ආණ්ඩුවෙන් පළිගැනීමට බවත් මනුවර්ණ ප්‍රකාශ කරයි.

එහි බරපැන ජනතාවට දැරීමට සිදුව ඇති බවත් රටේ ජනතා අරමුදල් මිලියන බිලියන ගණන් නාස්ති කර ඇත්තේ මෙලෙස බවත් ඔහු පෙන්වා දෙයි. පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

ඊට පිළිතුරු දෙමින් ඩී.වී. චානක සඳහන් කළේ 2005 බලයට පත් ආණ්ඩුව රට සංවර්ධනය කිරීමේ තේමාව ලෙස නෙළුමේ හැඩය තෝරා ගත් බවත් එය සහ පොදුජන පෙරමුණ අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය.

එවක මහින්ද රාජපක්ෂ ඇතුළු සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කළ බවත් පොදුජන පෙරමුණ නම් පක්ෂය බිහිවන්නේ 2018 වසරේ දී බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *