වර්තමාන අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක ජනතා විමුක්ති පෙරමුණෙහි සාමාජිකයෙකු බව හිටපු ජවිපෙ නායකයෙකු වන නන්දන ගුණතිලක පවසයි.
“අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම හරහා මේවා විසඳගන්න බෑ. මම කැඳවපු නීති කමිටුවේ හිටපු කෙනෙක් තමයි, අද අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්. ජවිපෙ දේශපාලන බල මණ්ඩල සභිකයෙක් විදිහට මට තමයි නීති අංශේ පැවරිලා තිබුණේ.
නීති අංශේ ලේකම් විදිහට දැම්මේ වටගල. ඒකේ සාමාජිකයෙක් තමයි රංග දිසානායක කියන්නේ. මාව ගෙනියන්න කියන්න ඕන තැනකට. මං ළඟ තියෙනවා අත්සන් ලේඛන.
එහෙම මිනිස්සු දා ගත්තේ ඇයි? මේවා යට ගහන්න. දූෂණ විරෝධි පනත යටතේ මේවා අනිවාර්යෙන්ම එළියට එනවා කියලා දන්නවානෙ. රවීලා, ශානිලා. රංගලා අර කස්ටම් එකට කෙනෙක් දැම්මේ මේවා වහගන්න.”
ඔහු මේ බව පැවසුවේ ඊයේ (25) හිරු සටන වැඩසටහනට එකතු වෙමිනි.