හදන්නේ පනින්න දැයි ඇසූ නෙළුම් කුලුනින් මිලියන 539ක සුපිරි ලාභයක්…!

September 25, 2025 at 9:45 am | by emanisa.lk

පසුගිය වසරේ මිලියන 194ක් වූ ලාභය මේ වසරේ එම කාල පරාසය තුළ මිලියන 539 දක්වා ඉහළ නැංවීමට හැකි වූ බව නෙළුම් කුලුණ කළමනාකරණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය චමරු ද අල්විස් පවසයි.

එකම කාලයේ එකම ස්ථානයේ ඒ තරම් විශාල වෙනසක් කිරීමට තමන්ට හැකි වූ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

සිය ආයතනය කෙතරම් කාර්යක්ෂම ලෙස සිය ඉලක්ක කරා ගමන් කිරීමට සමත්ව ඇද්දැයි ඉන් තහවුරු වන බව ද චමරු ද අල්විස් ප්‍රකාශ කරයි.

මේ ගමන ඉදිරියට ගියහොත් මෙම වසර තුළ මිලියන 1000ක ඉලක්කයක් කරා ගමන් කළ හැකි බව ද ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *