මගේ ළඟ තියෙන්නේ අපේ තාත්තා දුන් ඩොලර් 153 499ක්….! – නි. ඇමති චතුරංග අබේසිංහ…

September 23, 2025 at 2:20 pm | by emanisa.lk

තමන් 2007 වසරේදී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ඉවත් වී පළමු රැකියාව සඳහා 2008 වසරේදී සම්බන්ධ වන විට සිය වැටුප රුපියල් 75,000ක් බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

2012 වන විට සිය වැටුප රුපියල් ලක්ෂ 05 ක් පමණ වූ බවද තමන් රැකියාවෙන් ඉවත් වන විට තම වැටුප රුපියල් ලක්ෂ 12ක් පමණ වූ බව ද සිය වත්කම් පිළිබඳව විමසූ විට හෙතෙම ප්‍රකාශ කරයි.

තම පියා රැකියාව කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ බවත්, ඔහුට ඉහළ ඩොලර් මාසික වැටුපක් ලැබුණු බවත්, ඔහු එම ඩොලර් තමාට සහ තම සහෝදරයාට ලබාදුන් බවත් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *