අයිස් මනම්පේරි තෝරු මෝරු සඟවන්න බොරු විදියි…!

September 21, 2025 at 7:56 pm | by emanisa.lk

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව අධිකරණයට භාරවී සිටින සම්පත් මනම්පේරි නමැති සැකකරු පොලිසිය නොමඟ යැවීම සඳහා විවිධ ප්‍රකාශයන් සිදු කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

තමා නිතර නිතර බස් නැවතුම්පොළවල්වල නිදාගත් බවද තමාගේ ජංගම දුරකථනය එහිදී අතුරුදන්වූ බවද මෙම සැකකරු පොලිසියට පවසා තිබේ.

කෙසේ වෙතත් මොහු රාත්‍රී කාලවලදී නිදාගත් බව කියනු ලබන පිටකොටුව බස් නැවතුම්පොළ අද්දර පිහිටි ආරක්ෂක කැමරා පද්ධතිය විමර්ශනයට ලක් කරගෙන යන බවද පොලිසිය කියයි.

මනම්පේරි සිය ජංගම දුරකථනය අතුරුදන්වූ බව පවසා ඇත්තේ ඔහු සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් රැසක් මුදා ගැනීමේ අදහසින් යැයි ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.

කෙසේ වෙතත් ඔහු මෙතෙක් අනාවරණය කළ පුද්ගලයන් කීපදෙනා පිළිබඳව කරන විමර්ශන අනුව ඉදිරියේදී මෙම සිද්ධියේ රහස් තොරතුරු රැසක් අනාවරණය විය හැකි යැයි ද පොලිසිය කියයි.

මත්ද්‍රව්‍ය නාශක අංශය පවසන ආකාරයට කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කල්ලිය පොලිසියට කොටුවීමෙන් පසු මත්ද්‍රව්‍ය හිඟයක් ද ඇතිවී තිබේ.

Divaina

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *