කෙහෙල්බද්දර පද්මෙලා අල්ලන කොට අපේ වත්කම් ප්‍රකාශ එළියට එනවා…! – සුනිල් වටගල…

September 21, 2025 at 12:44 pm | by emanisa.lk

විදේශයක සැඟව සිටි කෙහෙල්බද්ද පද්මේ ලංකාවට රැගෙන එන විට තමන්ගේ වත්කම් ප්‍රකාශ එළියට එන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

“විදේශයක හිටපු කෙහෙල්බද්ද පද්මෙ නීත්‍යානුකූල ලෙස ඉන්දුනිසියාවට ගිහිල්ලා අරගෙන එන කොට මේ පැත්තෙන් මනම්පේරිලා අත් අඩංගුවට ගන්න කොට අපේ වත්කම් බැරකම් ප්‍රකාශ එළියට එනවා.

අපේ වත්මන් ආණ්ඩුව ඇවිල්ලා අල්ලස් පනතට පණ දීලා කටයුතු කරන කල් ඔය කයිවාරු ගහන රාජපක්ෂලා වික්‍රමසිංහලා අල්ල ගත්ත එක හොරෙක් කියන්න.”

නි. ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනහමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *