ආණ්ඩුව කිසියම් වරදක් කරන්නේ නම් ඊට එරෙහිව විරෝධතා කිරීමට ජනතාවට ශුද්ධ වූ අයිතියක් ඇතැයි හිටපු වෘත්තීය සමිති නායක, කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් පවසයි.
කෙසේ වුවද එදා තමන් විදුලි බල මණ්ඩලය රැක ගන්නට සටන් කරන සමයේ බල්ලෝ නාවන්න ඇදන් යන ආකාරයට ගෙන ගිය පිරිස් අද ලංවිම විකුණන්නේ යැයි ක්‍රියාමාර්ග ගනිමින් ඇති බව ද ඔහු පෙන්වාදෙයි.
තමන් මැරෙන්න බය නැති බවත් රට හෝ විදුලි බල මණ්ඩලය අස්ථාවර කිරීමට ඉඩ නොතබන බවත් ඔහු අවධාරණය කරයි. මේ ආණ්ඩුව ලංවිම නොවිකුණන බවත් විකුණන්නේ තමන් එම ආණ්ඩුවේ නොසිටින බවත් රංජන් ජයලාල් සඳහන් කරයි.
ලංවිම වෘත්තීය සමිති නායකයෙකුට දුරකතනය ඔස්සේ තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබඳ මාධ්‍ය ප්‍රශ්න කළ විට හෙතෙම මේ බව කීය.