මමත් හොඳ සල්ලිකාරයෙක් තමයි… මට කිසිම ආර්ථික ප්‍රශ්නයක් නෑ… අපි හිඟන්නෝ කියලා කවදාවත් කීවේ නෑ…! – ඇමති ලාල් කාන්ත…

September 19, 2025 at 7:39 pm | by emanisa.lk

සිය ජීවිත කාලය තුළ කිසිදු අවස්ථාවක තමන්ට වත්කම් නැතැයි ප්‍රකාශ කොට නොමැති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

“මම නම් මගෙන් ඔය ප්‍රශ්නේ අහල තියෙන මුළු ජීවිත කාලෙදිම කියලා තියෙනවා මට වත්කම් තියෙනවා කියලා. මට ඉඩම් තියෙනවා කියලා. ගෙවල් දොරවල් තියෙනවා කියලා. එහෙම ප්‍රශ්නයක් කවදාවත් තිබිලා නෑ. අදත් නෑ. හෙට මං දන්නෑ. දේශපාලනේ කරන හැමෝම හොරු නෙමෙයි. අයථා ලෙස මුදල් උපදවා ගත් අය නෙමෙයි. උපයා ගත් විදිහ තහවුරු කරන්න බැරි අය නීතිය ඉදිරියට ගේන්න පුළුවන්.”

ඇමති ලාල්කාන්ත මේ බව පැවසුවේ ලොකු ගෙයක් ලොකු වාහනයක් ඇති සියලු දෙනා හොරු යැයි නි. අමාත්‍ය නලින්ද හේවගේ කලකට පෙර සිදුකළ ප්‍රකාශය වර්තමානයට ද අදාළ දැයි මාධ්‍ය ප්‍රශ්න කළ අවස්ථාවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *