රට දියුණු කරන්න නම් අල ලූනු ගෝවා වගේ ගංජා වවන්න අවසර දෙන්න ඕන…! – වනවාසී රාහුල හිමි…

September 18, 2025 at 5:07 pm | by emanisa.lk

ගංජා වගා කර පිට රටවලට අලෙවි කිරීමට කටයුතු කළහොත් සුද්දාට වහල්කම් නොකර සිංහයන් මෙන් සමස්ත ජාතියටම නැගී සිටිය හැකි බව නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පවසයි.

“ලංකාවේ ගංජා වගා කරලා අල ලූනු — මල් ගෝවා ගොවිතැන් කරනවා වගේ විධිමත් බවක් ඇති කරලා, නීත්‍යානුකූල අවසරයක් දුන්නොත් ණය ගොඩක හිර වෙලා ඉන්න රට ආර්ථික වශයෙන් අපිට ගොඩ ගන්න පුළුවන් කියන එක මා විශ්වාස කරනවා. කැමති කෙනෙක් මේවා පාවිච්චි කරයි. දැනටත් පාවිච්චි කරනවානේ. දැන් සිගරට් මේ රටේ අලෙවි කරනවානේ අපිට ඒක නතර කරන්න බෑ. කැමති කෙනෙක් බොයි අකමැති කෙනෙක් නිකං ඉඳියි. ඕකෙ ප්‍රශ්නයක් නැහැ.

ඇත්තටම ගංජා, මේ රටේ වවලා පිටරටට අලෙවි කිරීම තුළින් විශාල මුදලක් ලබා ගෙන ආර්ථික වශයෙන් හයියක් ලබාගන්න පුළුවන්. මම මේ ගැන එදත් කථා කළා. මේ ගංජා කියලා කියන්නේ මේ රටට ආර්ථික උත්පාදනයක් කරගන්න පුළුවන් හොඳ ප්‍රබල ආයුර්වේද ශාකයක්, අපේ රටේ භූමිය හොඳයි. සුද්දා මේ රටින් යන කොට ගංජා මේ රටේ තහනම් කරලා ගියේ. මේක වවන්න එපා මේක නීතී විරෝධී ක්‍රියාවක් හැටියට ගියේ සුද්දා දැන ගත්තා මේ ලංකාවේ තියෙන ගංජා තමයි ලෝකයේ ඉතා හොඳම, ප්‍රබලම ඖෂධය කියලා. මේක වවලා පිට රටට අලෙවි කරන්න පටන් ගත්තොත් එහෙම අපිට සුද්දන්ගේ වහල්ලු‍ බවට පත් වෙලා ඉන්න වෙන්නේ නෑ. අපි සිංහයෝ වගේ නැගිටිනවා. මේ රටේ මිනිස්සු හා රට නැගිටිනවා.

ඒකත් එක්ක තමයි මේක එපා කියලා තියෙන්නේ. මේ වෙන කොට කේරළ ගංජා කියයි විවිධ ගංජා වර්ග ලංකාවට ගෙනල්ලා ඔය ඕන තරම් අල්ලනවා. බොනවා. ඒක නැති කරන්න බෑ. මේ ඉතාම වැදගත් කාලෝචිත ක්‍රියාවක් වර්තමාන ආණ්ඩුව කරපු. ගංජා වවන්න විදේශීය ආයෝජකයෝ 07 දෙනෙකුට පමණ ලබා දෙනවා කියලා මම දැක්කා සමාජ මාධ්‍යවල මේකට අවසර දෙනවා කියලා. ඒකට හොඳ නියාමනයක් කරලා, හොඳ ආරක්ෂාවක් දාලා, විධිමත් ලෙස මේක කරලා, අලෙවි කරලා මේ ණය බරෙන් මිරිකිලා ඉන්න රට ගොඩගන්න. මේක ආයෝජනයක් කරගන්න පුළුවන්.

මේකේදී අපේ ආගමික නායකයෝ, ගරුතර මහා සංඝරත්නය විවිධ අය මේක විවේචනය කරන්න පුළුවන්, බනින්න පුළුවන්, නමුත් තරුණ පරම්පරාව දැන් පිටිසර ගම්වල විශාල වශයෙන් ගංජා, කුඩු පාවිච්චි කරනවා. අසීස් කියලා වර්ගයක් පාවිච්චි කරනවා. ඕන තරම් සමාජ ගත වෙලා තියෙනවා. මේවාට විරුද්ධ වෙන අය ඇත්තටම ඒවාටත් පෙරමුණ ගන්න අවශ්‍යයි.

තායිලන්තය වගේ රටවල් ගත්තාම පැහැදිලිවම ඒ නගරවල තියෙනවා ගංජා පිටට ගිහින් බොන්න බෑ. ඇතුලේ බීලා යන්න පුළුවන් ලයිසන් දීලා තියෙනවා මිනිස්සුන්ට විකුණන්න. අවශ්‍යය කෙනෙක් බොයි. ඒක නීත්‍යානුකූලයි. ඉතින් මේ රටෙත් ඔය ගංජා බොන එක නතර කරන්න බෑ මම හිතන විදිහට. ඒකට නීත්‍යානුකූල බවක් ඇති කරලා විදිමත් බවක් ඇති කරලා, මිනිස්සුන්ගේ රැකියා ප්‍රශ්නය විසඳෙනවා.

ඒ මිනිස්සුන්ට අතට කීයක් හරි එනවා. ලංකාවට ඩොලර් එනවා. මේක ආයුර්වේද ශාකයක්, ලෝකයේ තියෙන ඉතා හොඳම ගංජා වර්ගය තියෙන්නේ ලංකාවේ. ඒ නිසා ඒ පිළිබඳව වර්තමාන ආණ්ඩුව ගත්ත හොඳම ප්‍රසන්සනීය තීරණයක්. ලංකාවේ ඕක වගා කරලා අල ලූණු ගොවිතැන් කරනවා වගේ, මල් ගෝවා ගොවිතැන් කරනවා වගේ විදිමත් බවක් ඇති කරලා, නීත්‍යානුකූල අවසරයක් දුන්නොත් ණය ගොඩක හිර වෙලා ඉන්න රට ආර්ථික වශයෙන් අපිට ගොඩ ගන්න පුලු‍වන් කියන එක මා විශ්වාස කරනවා.”

ජාතික නාමල් උයන පරිශ්‍රයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *