කොළඹින් සුපිරි නිවසක් ගත් කතාව බොරු… CID ගිහින් නඩු දානවා…! – නි. ඇමති සුනිල් වටගල…

September 15, 2025 at 1:31 pm | by emanisa.lk

තමන් කොළඹින් අධි සුඛෝපභෝගී නිවසක් මෑතක දී මිලට ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, නීතීඥ සුනිල් වටගල පවසයි.

“මගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් දෙයින් එපිට කිසිදු දේපළක් මට නැහැ. පසුගිය දිනවල මා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ ඊට සම්බන්ධ පාර්ශ්වවලට එල්ල කළ චෝදනා පිළිබඳව ඔවුන් බියටත් කලබලයටත් පත්වෙලා මගේ කීර්ති නාමය සහ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වුවමනාව පරිදි සංවිධානාත්මක මඩ ප්‍රචාර ව්‍යාපාරයක් පටන් අරන් තියෙනවා.”

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට සහ තමන්ට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් නඩුවක් ද පැවරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *