හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහිමි කළා සේ හැකි නම් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප අහෝසි කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ආණ්ඩුවට අභියෝග කරයි.
මහ ජනතාවගේ බදු මුදලින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වැටුප් වශයෙන් ගෙවන රුපියල් කෝටි පහකට අධික මුදල එලෙස පක්ෂයේ ගිණුමට බැර කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව ද හෙතෙම පෙන්වා දෙයි.
මන්ත්‍රීවරුන්ගේ වැටුප අහෝසි කලොත් මාසිකව පක්ෂ ගිණුමට බැර වෙන රුපියල් කෝටි පහකට අධික මුදලක් ඔවුන්ට අහිමි වනු ඇති බවත් එවැනි තත්ත්වයක් මත මන්ත්‍රීවරුන්ගේ වැටුප අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහිමි කිරීම ඇතුළු කටයුතු පිළිබඳව මාධ්‍යයට කරුණු දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.